Tuesday, 5 November 2019

Alibaba ගෙන් ජැක් මා සමුගනී


අලිබාබා කියන්නේ අරාබි සම්භවයක් තියෙන නමක් වුනත් අලිබාබා ඉලෙක්ට්‍රෝනික වානිජ්‍යය අයිති චීනයේ මා යුන්ට නැතිනම් "ජැක් මා"ටයි. චීනයේ ධනවත්ම මෙන්ම ආදර්ශමත්භාවය අතින් "චීනයේ ස්ටීව් ජොබ්ස්" ලෙස විරුදාවලිය ලබන්නෙත් ජැක් මා යි.

පසුගිය සැප්තැම්බර් 10 වනදා සිය සමාගමේ විදායක සභාපති දූරයෙන් ජැක් මා ඉවත් විය.ඒ තම ජීවිතයේ ඉතිරි කාලය දන් පින් කරමින්,විවේකයක් ලද හොත් තම මුල්ම රැකියාව වන ගුරු වෘතියේ යෙදෙමින්,විවේක සුවයෙන් ගත කිරීමටයි.මේ වන විට ජැක් මා ගේ වයස අවුරුදු 55 කි.මේ වන විට ඔහු ඩොලර් කෝටි 3860 ක ධනයක් උපයා තිබේ.

ජැක් මා ට මෙතරම් ධනයක් උපයා දුන්නූ අලිබාබා සමාගම ලෝකයේ වටිනාම තාක්ෂණික සමාගම් අතරින් එකකි.මෙය 2014 දී නිව්යෝර්ක් කොටස් වෙළදපොළේදි ඩොලර් බිලියන 25ක් මහජන කොටස් නිකුතුවක් සම්පූර්ණ කළ නිසා එය ඇමරිකානු ඉතිහාසයේ සර්ථක වූ විශාලතම මහජන කොටස් නිකුතුව ලෙස වාර්තා ගත වුනි.

මෙලෙස ජාත්‍යන්තර කීර්තියට පත් අලිබාබා සමාගම යුආන් පන්ලක්ශයක් පමණ කුඩා ප්‍රාග්ධනයක් යොදවමින් 1999 දී ආරම්භ කෙරුණි.ඒ අන්තර්ජාලය ඔස්සේ වෙළදාම් කළ හැකි සමාගමක් වශයෙනි.පසුව මෙම සමාගම අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකිණීමට සම්බන්ධ,තාවෝබාවෝ මාකට් ප්ලේස්(),ටී මෝල්(),ඩර්ස්(),අලි එක්ස්ප්‍රස්(),අලිපේ() මෙන්ම අලිබාබා ක්ලව්ඩ් කොම්පියුටිං() නම් පරිගණක සේවා සමාගම යනාදී සමාගම් තනමින් සියළුම අංග ඇති ඉලෙක්ට්‍රෝනික් වානිජ්‍යය සමාගමක් සේ දියුණු කළේය.ඒ සියලු කටයුතු සැළසුම් කළේත් මෙහෙයවූවේත් ජැක් මා විසිනි.

එහෙත් මෙම කිසිම වෙබ් සේවයක් වෙනුවෙන් ඔහු කිසිදු කේත පේළියක්වත් ලියා නැත.සමාගමේ වෙබ් අඩ්වි ඔස්සේ කිසිදු සේවාවක් හෝ භාණ්ඩයක් විකුණා නැත.ඔහු කළේ සියල්ල සැලසුම් කොට පිරිස් තෝරාගෙන කළමනාකරණය කරමින් පවත්වාගෙන යාමයි.මෙම දක්ශතාවය ජැක් මා ට  හිමිවූවේ අප්‍රකට ධෛර්යය  හා නොපසුබට වීර්යය නිසායි.

චීනයේ හැංෂූ පළාතේ දිළිඳු පවුලක උපන් ජැක් මා රැකියාවක් සොයාගැනීමට වෙහෙසවූවත් එය ඉෂ්ටවූවේ නැත.විවිධ රැකියා  30ක සම්මුඛ සාකච්ඡා සදහා පෙනී සිටියත් ඒවායින් ඔහු ප්‍රතික්ෂේප විය.ඉන්පසු ඔහු උසස් පාසලක ඉගෙනීමට අයෙදුම් කළේය.එහිදී වසරක් පාසා පවත්වන විභාගය සමත් වීමට ඔහුට වසර හතරක් ගත විය.ඉන් පසු ඔහු ඇතුලුවූවේ හැංෂු ගුරු විද්‍යාලයටය.පසුව 1988 දී එම ගුරු විද්‍යාලයේම ගුරුවරයකු ලෙස සේවය කළේය.
ඔහු පළමු වරට පරිගණකයක් මිලදීගෙන භාවිතා කිරීමට ගත්තේ අවුරුදු 33 දීය.සිය මිතුරන් සමග ඇමරිකාවට ගිය අවස්ථාවකදී ඔහු අන්තර්ජාලය භාවිතා කළේය.එහිදී අන්තර්ජාලයහි චීනය සම්බන්ද වෙබ් පිටු දැක ගැනීමට නොහැකිවූ ජැක් මා චීනයට පැමිණ වෙබ් අඩවි සාදා හොස්ටිං ලබාදෙන සමාගමක් 1995දි අරම්භ ක්ළේය.එය චයීනා පේජස් නම් විය.එය සාර්ථක වූ පසූ 1999දී අලිබාබා සමාගම ඇරඹීය.

අලිබාබා සමාගම ලොව දැවන්තම හා වටිනාම අන්තර්ජාල පාදක සේවා සපයන සමාගමක් ලෙස පත්වනවාත් සමග ජැක් මා ලොකප්‍රකට විය.එම ප්‍රසිද්දිය ඇරඹියේ 2005 දීය.ඒ එම වර්ෂයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී තරුණ ලෝක නායකයෙක් සේ ජැක් මා නම් කිරීමත් සමගය.ඉන්පසුව 2017 දී ෆෝර්චූන් සගරාවෙන් නම් කළ ලොව විශිෂ්ට නායකයින් 50 දෙනා අතුරින් දෙවන ස්ථානය ජැක්මා ලබාගත්තේය.

No comments:

Post a Comment