Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]


ලබන 2022 වසරේ ජනවාරි මාසය තුල මෙරට අගමැති තනතුර වෙනස් කෙරෙමින් එම තනතුරට බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව නව අගමැති ලෙස බැසිල් රාජපක්ෂ මහතා ලබන වසරේ ජනවාරි මාසය තුල දිවුරුම් දීමට නියමිත බවයි රාජ්‍ය දේශපාලනික ආරංචිමාර්ග පවසන්නේ.


අයහපත් සෞඛ්‍ය තත්වය මත වර්ථමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වීමට නියමිත බවත් එහි සියළු වගකීම් සහ අගමැතිවරයා දරණ සියළුම අමාත්‍යංශ නව අගමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවරීමටත්, ඇතැම් අමාත්‍යංශ ඇමතිවරුන් අතර බෙදා දීමටත් නියමිත බව වාර්තා වේ.

එමෙන්ම අගමැති තනතුරට පත් වන බැසිල් රාජපක්ෂ මහතා සතු මුදල් අමාත්‍යංශය එලෙසම ඔහුට පැවරීමටත් නියමිතව ඇති බව වාර්තා වේ.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]