උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැදවනු ලැබේ
2022
Closing Date: 2022-01-31
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යනු?
SLIATE ලෙස කෙටිව හදුන්වන මෙය
උසස් ජාතික ඩිප්ලෝමාව (Higher National Diploma)
ඔයාලට අයදුම්පත් යොමු කරන්න පුලුවන් පාඨමාලා 15 ක් දැනට පවතිනවා.
Higher National Diploma in
- Accountancy - (HNDA) (4 years)
- Building Services Engineering - (HNDBSE) (3 1/2 years)
- Business Administration - (HNDBA) (2 1/2 years)
- Business Finance - (HNDBF) (2 1/2 years)
- Engineering - (HNDE - Civil) (3 1/2 years)
- Engineering - (HNDE - Electrical & Electronic) (3 1/2 years)
- Engineering - (HNDE - Mechanical) (3 1/2 years)
- English - (HND IN English) (2 1/2 years)
- Food Technology - (HNDFT) (2 1/2 years)
- Information Technology - (HNDIT) (2 1/2 years)
- Management - (HNDM) (3 years)
- Project Management - (HNDPM) (2 1/2 years)
- Quantity Surveying - (HNDQS) (2 1/2 years)
- Technology Agriculture - (HNDT-Agriculture) (3 years)
- Tourism & Hospitality Management - (HNDTHM) (3 years)
පාඨමාලා පැවැත්වෙන්නේ SLIATE යටතේ තියන ATI වල.ඔයාලට අයදුම්පත් යොමු කර පසු අධ්‍යයන කටයුතු හැදැරීමට ඔබ
අයදුම්පත් යොමු කරපු මෙම ආයතන වලදී සිදු කිරීමට පුලුවන්.
උසස් තාක්ෂණ ආයතන (Advanced Technological Institute)
දැනට ATI 19ක මේ පාඨමාලා පැවැත්වෙනවා.
- අම්පාර (හාඩි උසස් තාක්ෂණ ආයතනය)
- අනුරාධපුර
- බදුල්ල
- මඩකලපුව
- කොළඹ (කොළඹ 15-මට්ටක්කුලිය)
- දෙහිවල
- ගාල්ල (ලබුදූව)
- ගම්පහ (නයිවල)
- යාපනය
- මහනුවර
- කෑගල්ල
- කුරුණෑගල
- මන්නාරම
- නාවලපිටිය
- රත්නපුර
- සමන්තුරේ
- තංගල්ල
- ත්‍රිකුණාමලය
- වවුනියාව
අවශ්‍ය සුදුසුකම් (Qualification)
උසස් පෙළ එකම වාරයකදී විෂයන් තුනටම අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ ඕන. (S 3ක්)
HNDA, HNDBA, HNDBF පාඨමාලා
වාණිජ විෂය ධාරාවේ සිසුන් පමණක් Z අගය මත බඳවා ගැනේ.
HNDA සඳහා Accounting විෂය සඳහා C සාමාර්ථ අනිවාර්ය වේ.
HNDBSE, Engineering (Civil/Electrical/Mechanical), HNDQS) පාඨමාලා
භෞතීය විද්‍යා විෂය ධාරාවේ සිසුන්
පමණක් Z අගය මත බඳවා ගැනේ.(Combined
Maths, Physics, Chemistry විෂය සංකලනය පමණයි)
HNDT-Agriculture පාඨමාලාව
ජීවවිද්‍යා විෂය ධාරාවේ සිසුන් පමණක් Z
අගය මත බඳවා ගැනේ.(Biology, Physics,
Chemistry, Agriculture Science යන විෂයන් 4 න් 3 ක් හදාරා තිබිය යුතුය)
English, HNDFT, HNDIT, HNDM, HNDPM, HNDTHM පාඨමාලා
සඳහා එක් එක් පාඨමාලාව සඳහා තෝරාගැනීමේ පරීක්ෂණයක් පවත්වා ඉන් ලබාගන්නා ලකුණු මත තෝරාගන්නා අතර Z අගය වැදගත් නොවේ.
HNDFT සඳහා ජීව විද්‍යා හා භෞතීය විද්‍යා
විෂය ධාරා වල සිසුන් පමණයි.
අනෙකුත් පාඨමාලා සඳහා ඕනෑම විෂයන්
තුනක් සමත්වී තිබීම ප්‍රමාණවත්ය.
ඉහත සුදුසුකම් හැර
උසස්පෙළ පොදු පරීක්ෂණය සමත් විය යුතුය.
සාමාන්‍යපෙළ ගණිතය හා ඉංග්‍රීසි අවම S
සාමාර්ථ තිබිය යුතුය.
ඉංග්‍රීසි පාඨමාලාව සඳහා පමණක් සාමාන්‍යපෙළ
ඉංග්‍රීසි අවම C හෝ සාමාන්‍යපෙළ ඉංග්‍රීසි සාහිත්‍යය
අවම S හෝ උසස්පෙළ General English අවම S තිබිය යුතුය.
ඉහත සාමාන්‍යපෙළ සුදුසුකම් පළමු වාරයේදීම ලබාගැනීම අවශ්‍ය නොවේ. පොදු පරීක්ෂණය සමත්වීමද ඉහත උසස්පෙළ සමත් වාරයේදීම වීම අවශ්‍ය නැත.
ඔය පාඨමාලා 15 ම Fulltime (සතියේ දින) හදාරනවානම් සම්පූර්ණයෙන් නොමිලේ.
HNDA, HND in English, HNDIT කියන තුන විතරක් Part time (සති අන්ත) කරන්න පුළුවන්.
ගාස්තු
DA - 7500/= x 8
English - 12000/= x 5
IT - 18000/= x 5
Part time කරන්න නම් ජොබ් එකක් හෝ ස්වයං රැකියාවක් කරන එක අනිවාර්යයි.
2022 intake එකට අයදුම්පත් යොමු කරන්න 2020 AL විතරක් නෙවෙයි ඊට පරණ AL වලිනුත් පුළුවන්.
"නිකුත් කරපු ගැසට් පත්‍රයට අනුව ගම්පහ (නයිවල) උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් සඳහා හැදැරීමට ලබා දී තිබුණු HNDCSPT පාඨමාලාව ඉවත් කර ඇති අතර,මෙතැන් පටන් අයදුම්පත් යොමු කිරීමට බලාපොරොත්තු වෙන සිසුන් සඳහා SLIATE පද්ධතිය යටතේ පාඨමාලා 15ක් හැදැරීමට අවස්ථාව ලබා දී තිබෙනවා."
අයදුම්පත ලබාගැනීම සහ අයදුම් කරන ආකාරය පිළිබද සියලුම විස්තර දැනගැනීම සදහා පහත සදහන් සබදිය (Link) හරහා එකවන්න.
Gazette Notice English - https://apply.sliate.ac.lk/uploads/gazette/gazette-notice-english.pdf
Gazette Notice Sinhala - https://apply.sliate.ac.lk/uploads/gazette/gazette-notice-sinhala.pdf
Gazette Notice Tamil - https://apply.sliate.ac.lk/uploads/gazette/gazette-notice-tamil.pdf
SLIATE වෙබ් අඩවිය හා එක් වීමට - http://www.sliate.ac.lk/
No comments:
Post a Comment