සෑම ස්මාට්ෆෝන් මාදිලියකම කාර්යක්ෂමතාව වැඩි වෙනවාත් සමග බැටරි ආයු කාලය අඩු වෙයි.එය වළක්වන්නට එක්කෝ බැටරි තාක්ෂණය දියුණු කළ යුතුය.නැතහොත් බැටරිය විශාල කළ යුතුය.
අයිෆොන් 11 හීදි මේ උපක්‍රම දෙකම යොදාගෙන තිබේ.අයි ෆෝන් XR හි බැටරිය 2942 mAh එකකි.අයිෆෝන් 11 හි බැටරිය 3110mAh එකකි.ඊට අමතරව බැටරියේ විශාලත්වය 5% කින් වැඩි කර තිබේ.
ඇපල් අයිෆෝන් අතරින් 13 වැනි පරම්පරාවේ අයිෆෝනය වෙන අයිෆෝන් 11 හි බැටරිය චාර්ජ් කිරීම පිණිස තිබෙන්නේ 12 වැනි පරම්පරාවේ අයිෆෝන් XR හි තිබු 5W චාජරයමයි.එහෙත් අයිෆෝන් ප්‍රෝ ස්මාට්ෆෝනය 18W වයර්ලස් ලයිට්නිං චාජරයෙන් මෙන්ම යූ එස් බී සී (USB-C)චාජරයෙන්ද චාර්ජ් කළ හැක.



No comments:
Post a Comment