ද ඕටර් වර්ල්ඩ්ස් යනු අභ්‍යාවකාශයේ අතරමං වන,අභ්‍යාවකාශ යානයක සිටින,අභ්‍යාවකාශගාමීන් පිරිසක් මුහුණ දෙන සිදුවීම් පෙළක් පාදක කරගෙන සැකසු පරිගණක ක්‍රීඩාවකි.
මෙම කතාවේ අන්තර්ගතවන්නේ,
එකෝමත් එක මන්දාකිණියක් කෙළවර ඇති ග්‍රහලොවක මිනිස් ජනාවාස ගොඩනගා තිබෙන අතර එම ජනාවාස සදහා පෘතිවි වාසින් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක් පවති.මෙම ගමනේදී මෙහි ගමන් ගන්නා මගින් ගැඹුරු නිද්‍රාවකට භාජනය කරනු ලබයි.මෙලෙස මිනිසුන් රැගෙනයන යානයක් ග්‍රහලොවට ආසන්නවීමේදී පාලනයෙන් මිදියයි.
එවිට විද්‍යාවේදියෙක් එක් මගියෙක් පමණක් ගැඹුරු නින්දෙන් අවධිකරනු ලබයි.පසුව විද්‍යාවේදියා යානය පාලනයකර ගැනීමට මගියාට උදව් වන ලෙස පවසයි.එසේම අනිත් මගීන්ද ගැඹුරු නින්දෙන් අවදිකරගැනීමට උපකාරවන ලෙස පවසයි.
එහෙත් මෙම විද්‍යාවේදියා කරන්නේ ඔහුගේ කාර්යය නොවන බව වටහාගත් මගියා උභ්තෝකෝටික ප්‍රශනයකට මැදිවෙයි.ඒ මෙම විද්යාවේදියාට අවනත වෙනවාද නැද්ද නැතිනම් පෘතිවි මධ්‍යස්ථානය හා සම්බන්ධ වී උපදෙස් පතනවාද යන්නයි.
ද ඕටර් වර්ල්ඩ්ස් පරිගණක ක්‍රීඩාවේදී විද්‍යාවේදියා විසින් අවදිකරනු ලබන මගියා පරිගණක වේදියාට හැසිරවීමට සිදුවේ.ඔහු වෙනුවෙන් සුදුසු තීරණයක් පරිගණකය හසුරුවන්නට ලබා ගත හැකි අතර ඉදිරියට ක්‍රීඩාව කරගෙන යෑමේ වගකීම පරිගණක ක්‍රීඩකයාට පැවරේ.
තමන් තෝරා ගන්නා පාර්ශවය අනුව ක්‍රිඩාවේ අරමුණ හා විලාසය වෙනස් වේ.තමන් කුමන පාර්ශවයක් තෝරා ගත්තද පිටසක්වල ජීවීන් සමග සටන් කිරීමටත් යානයේ ඇතිවූ දෝෂය සොයාගැනීමටත් සිදුවේ.එහිදි බුද්ධිමත්ව කටයුතු කර ක්‍රීඩාව ජයග්‍රහණය කළභැකි වේ.තවද ක්රීඩාවහි විවිධ මට්ටම් වල්දි ලබාගන්නා ලකුනු වලට අනුව තමන්ට අවශ්‍ය අවි අයුධ හා විශේෂ හැකියා ලබා ගත හැකිවේ.
ද ඕටර් වර්ල්ඩ්ස් පරිගණක ක්‍රීඩාවේ නිර්මාණ චිත්‍රපටය කදර්ශන හා චරිත සකසන ආකාරයට අනුව නිර්මාණය කිරීමට මෙහි නිර්මාණශිල්පීන් කටයුතු කරතිබේ.මෙහි හමුවන චරිත අභ්‍යාවකාශ යානා ග්රහලෝකවලපරිසර යනාදීය පිළිබදව වැඩි අවදානයක් යොමුකර හැකි තරම් තාත්වික ඒවා නිර්මාණය කිරීමට උත්සහ කර තිබේ.මෙලෙස නිර්මාණය කර ඇති ද ඕටර් වර්ල්ඩ්ස් පරිගණක ක්‍රීඩාවේ සරූපය පෙන්වන වීඩියිඔ හා විස්තර outerworlds.obsidian.net යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.





No comments:
Post a Comment