ඩාර්ක් තීම්(Dark Theme)
ස්මාට්ෆෝනයේන් පෙන්වන සැම ස්ක්‍රීනයකම එනම් ඇප්ස්,කැලැන්ඩර,ෆොටෝස් යනාදි කුමන ස්ක්‍රීනයක වුවත් ආලෝකමත් කොටස් වෙනුවට එය අදුරු කොට පෙන්වන තීම් එක,ඩාර්ක් තීම් ය.මෙය වෙත පිවිසි විට (Setting -> Display -> Dark Them) එක අතකින් බැටරි බලය ඉතිරිවෙයි.අනෙක් අදුරු තැනකදී ස්මාට්ෆෝන් එක භාවිතා කරන විට එහි විස්තර පැහැදිලිව පෙනේ.
හා ෆැමිලි ලිංක්(Family Link)
ස්මාට්ෆෝන භාවිතා කරන තවත් අය තම ස්මාට්ෆෝනය සමග සම්බන්ධ කරගෙන ඒ අයගේ ක්‍රියාකාරිත්වය දැන ගන්නට මින් ඉඩ දෙයි.දෙමාපියන්ට තම දරුවන්ගේ වෙබ් ක්‍රියාකාරකම් දැනගන්නට මින් ඉඩ දෙයි.දෙමාපියන්ට තම දරුවන්ගේ වෙබ් ක්‍රියාකාරකම් දැන ගන්නට මතු නොව ඒ අය යන එන ඉන්නා තැන් සිතියමකින් බලා ගන්නට ඉඩ දෙයි.එසේම දරුවන් භාවිතා කරන් ස්මාට්ෆොන් ඒ අයට භාවිතා කළ හැකි ඇප්ස් තෝරා දෙන්නට (Manage Apps) මෙන්ම විමසා බැලිය හැකි තොරතුරු සීමා කරන්නටද (Content Restrictions) ෆැමිලි ලිංක් යෙදුම භාවිතා කරන්නට පුළුවන

No comments:
Post a Comment