Monday, 11 November 2019

පර්මිෂන්ස් ඇන්ඩ් ප්‍රිවසි (Permission and Privacy )


පර්මිෂන්ස් ඇන්ඩ් ප්‍රිවසි (Permission and Privacy )

පෞද්ගලිකත්වය අදාළ වෙන සැලසුම් කිරීම පිණිස කලින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණවලදීත් යොදා ගෙන තිබු යෙදුම් (Privacy Features),අලුත් ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයේදී තවත් දියුණු කර තිබේ

යම් උපාංගයක තාක්ෂණික හදුනාගැනීමේ (Device Identifiers) මගහැර යමින් කිසිම ඇප් එක  කට පිවිසෙන්නට ඉඩ නොදෙයි.එනම්,ස්මාට්ෆෝනයේ ඉන්ස්ටෝල් කර ඇති නම් ඇප් එකක් වෙත පිවිසෙන්නට හැකර්කරුවෙක්ට හෝ වෙනත් තොරතුරු සොයන වැඩසටහනකට හෝ බාධා ගෙන දෙයි.

කිසිම ඇප් එකකට, ස්මාට් ෆෝනය භාවිතා කරන්නාට නොදැනී පසුබිමින් ක්‍රියාත්මකවීමට ඉඩ නොදෙයි.එනිසා යම් ඇප් එකක් ඔස්සේ විත්,ස්මාට්ෆෝනය භාවිතා කරන්නාගේ ක්‍රියාකාරකම් එසේම දැනගැනීමට සකසා,ඇප් තුළ සගවා ඇති වැඩසටහන් වලට ක්‍රියාත්මක විය නොහැකි වෙයි.

වයි-ෆයි ජාලයකදී ස්මාට්ෆෝනයක් ක්‍රියාත්මක වෙනවිට,ස්මාට් ෆෝනය හා සම්බන්ධ තොරතුරු වයි-ෆයි ජාලය ඔස්සේ දැන ගැනීමට කිසිවෙක්ට ඉඩ නොතබයි. වයි-ෆයි ජාලයෙන් ,ස්මාට්ෆෝනයේ පිහිටීම පිළිබද තොරතුරු (Location Data) ඉල්ලා සිටියත් ඒ බව භාවිතා කරන්නාට දන්වා අවසරය (Location Permission) ඉල්ලා සිටියි.

ඇප් එකක ක්‍රියාකාරිත්වය සීමාකිරීමට අලුත් යෙදුමක් (Scoped Storage) ඇන්ඩ්‍රොයිඩ් 10 හිදි හදුන්වාදි තිබේ.එහිදි ඇප් එකෙහි ක්‍රියාකාරිත්වය පිණිස ස්මාට් ෆෝනයේ මතක ඉඩ (Storage)වෙත නිදහසේ ඇතුළුවීමට ඇප් එක ඉඩ නොදෙයි.

අලුතින් හදුන්වා දී ඇති ප්‍රිවසි සෙටිංස් මෙනුව යටතේ පෞද්ගලික ආරක්ෂාවට සම්බන්ධ සියලුම තොරතුරු එකම තැනකදී පාලනය කළ හැකිය.එහිදී ස්මාට් ෆෝනයේ පිහිටීම පිළිබද තොරතුරුවල පටන් වෙබ් අඩවි වෙත පිවිස කරන වැඩ දක්වා දේවලදී,අපි තුළ හෝ ස්මාට් ෆෝනයේ හෝ රැස් කෙරෙන තොරතුරු මොනවාද කියා දැන ගත හැකිය එසේම ඒවා සියල්ල පාලනය කළ හැක.

No comments:

Post a Comment