Monday, 11 November 2019

ප්‍රොජෙක්ට් මේන් ලයින්(Project Mainline) හා ෆෝකස් මොඩ්(Focus Mode)


      ප්‍රොජෙක්ට් මේන් ලයින්(Project Mainline)

කලින්ට වඩා වේගයෙන් ඇන්ඩ්‍රොයිඩ් සෙකියුරිටි අප්ඩේට් හෙවත් පද්ධති ආරක්ෂාවට සම්බන්ධ මෘදුකාංග අලුත් කිරීම ලබාගත හැකි ක්‍රමයක් හදුන්වා දී තිබේ.

ආරක්ශාව සම්බන්ද යෙදුම් මෙන්ම භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු අවභාවිතා කිරීම වැළැක්වීමට අවශ්‍යා අලුත් මෘදුකාංග සැකසුම් (Security And Privacy Fixes) නිකුත් කළ සැනින්ම ගූගල් ප්ලේස්ටෝර් වෙතින් ලබා ගැනීමට පුලුවන.එනම් අනෙක් විවිධ ඇප්ස් වල අලුත් කිරීම්  සියල්ල (Apps Update) ලබා ගන්නක් සේය.මෙම යෙදුමට සම්බන්ධ සියලු වැඩ එක්ව ගෙන ප්‍රොජෙක්ට් මේන් ලයින් ලෙස හදුන්වයි.

ෆෝකස් මොඩ්(Focus Mode)

ස්මාර්ට් ෆෝනයේ දැනටමත් විවෘත වී ඇති  ඇප්ස් අතරින් මේ මොහොතේ වැඩ කරගෙන යන්නට ඕනෑ කරන්නේ නැති ඇප්ස් සියල්ලම එකවර අක්‍රිය කර තිබනු පිණිස ඇති අලුත් යෙදුම ෆෝකස් මෝඩ් වෙත පිවිස විට,දැනට වැඩ කරන ඇප් එක හැර අන් සියල්ල අලු පැහැ ගැන්වී,ඒවා අක්‍රිය බව පෙන්වා පසුබිමින් තාවකාලිකව වසා දමා තිබේ.ඒ බව දන්වා දැන්වීම් එවන්නේවත්,වෙන කිසි බාධාවක් කරන්නේවත් නැත.මෙම අනවශ්‍ය ඇප් සම්පූර්ණයෙන්ම වසාදැමීමට අවශ්‍යනම් ෆෝකස් මෝඩ් වෙත(Setting -> Digital -> Wellbeing -> Parantal control -> Ways to disconnect -> Focus mode) පිවිස,එහි ඇති චෙක් ලිස්ට් බොක්ස් භාවිතා කළ යුතුය.

No comments:

Post a Comment