Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]

කලින් තිබු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වලදී එහි ස්ක්‍රීනයේ පහළින් තිබූ බැක්(Back), හෝම්(Home),රීසන්ට්(Recent) යන ටාස්ක් ස්විචිං බට්න් වෙනුවට ගෙස්චර් නැවිගේෂන් යන් නමින් යුතු අලුත් යෙදුමක් හදුන්වා දී තිබේ.මෙහිදී බොත්තම් සියල්ල වෙනුවට සුදු පැහැති තීරුවක් එක් කර තිබේ.

ඇගිල්ලෙන් අභින හෙවත් ගෙස්චර් ඉහළට පහළට වමට - දකුණට එය ක්‍රියාත්මක කළ හැකිය.එවිට පහළ සිට ඇගිල්ල ඉහළට තල්ලු කළ විට හෝම් හෝ ඕවර්වීව් ස්ක්‍රීනය ලැබෙයි.හෝම් ස්ක්‍රීනයේ පහළ සිට ඉහළට තල්ලු කළ විට ඇප් සියල්ල පෙන්වන  ඇප් ඩ්‍රෝවරය (App Drawer) වෙත යොමු වෙයි.

ඇප් අතර ගමන් කළ යුත්තේ නම් පහළ  සිට ස්ක්‍රීනය ඔස්සේ හරහට ඇගිල්ල තල්ලු කළ යුතුය.කුමන තැනක සිට හෝ පසු පසට ඇගිල්ල ගෙන ගියහොත් ආපස්සට(Back) යයි.

පහළ කෙළවරෙ සිට විකර්ණාකාරව ඇගිල්ල තල්ලු කළොත් ගූගල් ඇසිස්ටන් කෘතීම බුද්ධි වැඩසටහනට යොමු වෙයි.එවිට කටහඩින් විදාන දී ස්මාට් ෆොනය ක්‍රියාතමක කරවන්නට පුලුවන.

ගෙස්චර් නැවිගේෂන් බාර් එක ක්‍රියාත්මකව ඇතිවිට ස්ක්‍රීනයේ ඉහළ සිට පහළට ඇගිල්ල ගෙනගිය හොත්,ක්වික් සේටිංස් හා නොටිෆිකේශන් යෙදුම් විවෘත වෙයි.

මෙසේ ගෙස්චර් නැවිගේෂන් භාවිතා කිරීමට තරමක් හුරුවිය යුතුය.එයට අකමැතිනම් හෝ හුරුවිය නොහැක්කේනම් කලින් තිබූ ක්‍රමයට බොත්තම් මතු කරන්නට පුලුවන.(Setting -> System Gestures -> Button Navigation )

මෙම ක්‍රමය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අලුත් යෙදුමක් වුවත් එය අයිෆෝන්වල භාවිතා කෙරෙන්නක් බව දනිමු.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]