පසුගිය නොවැම්බර් 30 වැනි දා molecular Therapy ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණය වූයේ පර්යේෂණාත්මක චුයින්ගම් වර්ශයක් මඟින් COVID-19 රෝගකාරක SARS-CoV-2 වයිරසයේ පැතිරීම අවම කළ හැකි බවයි.
මින් පෙර සිඳු කෙරුණු අධ්‍යයනවලින් හඳුනාගැනුණේ SARS-CoV-2 වයිරසය ආසාදනය වූවන්ගේ කෙළවල අතිශය ඉහළ මට්ටමකින් වයිරස අංශු අඩංගු වන බවයි. එබැවින් එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසකට අවශ්‍ය වූයේ විශේෂයෙන් නිර්මාණය කරන ලද චුයින්ගම් වර්ගයකට මුඛයේ ඇති වයිරස ප්‍රමාණය අඩු කළ හැකි ද යන්න භා වයිරසයේ පැතිරීම අඩු කළ හැකි ද යන්න සොයාබැලීමට ය.
සිය පර්යේෂණයේ දී විද්‍යාඥයන් විසින්
ශාක ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද ඉහළ ACE2 ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු මැලියම් විශේෂයක් නිර්මාණය කරන ලද අතර ඉන් නිපද වූ චුයින්ගම්වල ඇති ACE2 ප්‍රෝටීනවලින් මුඛයේ ඇති SARS-CoV-2 වයිරස අංශු තමා වෙත සවි කරගෙන උක්ත වයිරස අංශු අපගේ ශරීර සෛලවලට වීම හා වෙනත් පුද්ගලයන් වෙත
වයිරසයේ පැතිරීම
වැළැක්වීම අවම
කෙරෙයි. (SARS-CoV-2 ද වයිරස අංශු සාමාන්‍යයෙන් අපගේ ශරීරයේ මී ඇතැම් සෛලවල මතුපිට ඇති ACE2 ප්‍රෝටීන සමග සම්බන්ධ වී අපේ ශරීරයට ආසාදනය වේ.)
මෙ නව චුයිංගම් වර්ගයේ සඵලතාවය පරික්ෂා කිරීම සඳහා පර්යේෂකයන් විසින් COVID-19 රෝගීන්ගේ කෙළ සාම්පල සමග චුයිංගම් එහි කුඩු ස්වරූපයෙන් මිශ්‍ර කොට ඇත. එහි දී ඔවුන් අනාවරණය කොටගෙන ඇත්තේ මේ චුයිංගම් වර්ගය හරහා මුඛයේ ඇති SARS-CoV-2 වයිරස අංශු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන
බවටයි. කෙසේ වෙතත් සාමාන්‍ය ජනයාට සැපීම සඳහා වෙළෙඳපොළට පැමිණීමට මත්තෙන් මේ සම්බන්ධ වැඩිදුර පර්යේෂණ හා අත්හැ බැලීම් මෙහෙයවිය යුතු බව පර්යේෂකයෝ වැඩිදුරටත්
පවසති.
No comments:
Post a Comment