Tuesday, 21 December 2021

බ්ලොක්චේන් කරන්සී..

අපි මේ වන විටත් මුදල් භාවිතා කර ඇත. එදිනෙදා කටයුතු සදහා අප මුදල් හුවමාරු කරගනි. මුදල් වල වටිනාකම රදා පවතින්නේ භාණ්ඩ හා සේවා මතයි. නමුත් කිසියම් හෝ පරිගණකයකින් සංකීර්ණ ගණිත ගැටලු විසදන වාර ගනන අනුව වටිනාකම තීරණය වන මුදල් වර්ගයක්ද දැන් තිබේ. ඒවා ක්‍රිප්ටෝ මුදල් හෙවත් ක්‍රිප්ටෝ කරන්සි ලෙස හදුන්වයි. ක්‍රිප්ටෝකරන්සි නම් මෙම මුදල් ඒකකය කිසිම රාජ්‍ය පාලනයකට අයිති නැත. මේ සදහා මූල්‍යම රෙගුලාසිද නැත. කිසියම් හෝ ආයතනයකින් පාලනය වන්නේද නැත. එහි පවැත්ම තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගණක ජාලයක් තුළදි පමණී. 

බිට්කොයින් යනු ලොව පළමු අතත්‍ය එනම් ලොව පළමු වර්චුවල් පන්නයේ මුදල් ඒකකයයි. මේවා ඩිජිටල් මුදල් මාදිලියකි.ඇමරිකාව, බ්‍රිතාන්‍ය යනාදී රටවල ක්‍රිප්ටෝකරන්සි මුදල් සාමන්‍ය මුදල් ලෙස භාවිතා කලහැකි ආකාර පිළිබද මේ වන විටත් සොයාබලමින් පවති. ඒ වෙනුවෙන්ම නව නීතිද සම්පාදනය කරමින් පවති. එලෙසම අපරට තුළද ක්‍රිප්ටෝකරන්සි භාවිතය පිළිබද සොයා බැලීමට කමිටුවක් පසුගිය ඔක්තෝම්බර් මස පිහිටවනු ලැබිය.

ක්‍රිප්ටෝකරන්සී

පරිගණකයකින් ගණිත ගැටලුවක් විසදා කරන නිශ්පාදනය නම් අරුත් ගැන්වෙන පරිදි "ක්‍රිප්ටෝකරන්සි" ලෙස නමින් මෙය හදුන්වනු ලැබේ. අන්තර්ජාලය හා සම්බන්ධ ඕනෑම පරිගණකයක් මගින් ක්‍රිප්ටෝකරන්සි මුදල් උපයාගත හැකි වේ. නමුත් ක්‍රිප්ටෝකරන්සි මුදල් උපයා ගැනීම පහසු නැත. මෙය ඉතා සෙමින් සිදුවන්නකි. සාමාන්‍ය පරිගණකයකින් මෙවැනි කටයුත්තක් කිරීමට වසරකටත් අධික කාලයක් ගතවෙයි.එම නිසාම මේ වෙනුවෙන්ම තැනු පරිගණක නිපදවා ඇත.


ක්‍රිප්ටෝකරන්සි ඉතිහාසය හා තාක්ෂණය

 මෙම ක්‍රිප්ටෝකරන්සි තාක්ෂණය නිර්මාණය වී තිබෙන්නේ පරිගණක ජාල ප්‍රමිතියක් හෙවත් ප්‍රොටෝකෝලයක් සහ ඩිජිටල් ආරක්ෂක ක්‍රමයක් එකිනෙකට සම්බන්ධ කරමිනි. ක්‍රිප්ටෝකරන්සි ජාලයක් නිර්මාණය කරගන්නා ප්‍රොටෝකෝලය 2008 දී පර්යේෂණ පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කළ එකකි. එහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ සටෝෂි නකමොටෝ නැමත්තෙකි.මෙය සැබෑ නමක් නොවන අතර අන්වර්ථ නාමයකි.එහි සැබෑ අයිතිකරු කව්ද යන්න අදටත් ලෝකයා දන්නේ නැත.මෙලෙස 2009 දී මුල්ම ක්‍රිප්ටෝකරන්සි මුදල් එකකය සකසා එළිදැක්විණි. එය බිට්කොයින් නම් වේ. එයින් පසු දිගින් දිගටම විවිධ ප්‍රොටෝකෝල අනුව සැකසුණු විවිධ ප්‍රධාන ක්‍රිප්ටෝකරන්සි මුදල් ඒකක 29ක් තිබේ. ඉතිරියම්, ටෙදර්, කාර්ඩෝනෝ,බිනෑන්ස්කොයින්, ඩොජ්කොයින් මේවා අතරින් දැනට වැඩියෙන්ම භාවිතා වන මුදල් එක්කයි.

 බ්ලොක්චේන්

 ක්‍රිප්ටෝකරන්සි ජාලය යනු පියර් ටූ   පියර් මුදල්   හුවමාරු ජාලයකි.මෙම   ජාලයට යම්   පරිගණකයක්   සම්බන්ධ   කරන්නේ නම් එය   ක්‍රිප්ටෝකරන්සි   ප්‍රොටෝකෝලය ක්‍රියාත්මක   කළ හැකි උපාංගයක්   බවට පත් කරගත යුතුයි. මේ සදහා විශේෂිත පරිගණක වැඩ සටහනක් පරිගණකය තුළ ඉන්ස්ටෝල් කරගත යුතුය. එමෙන්ම ඒ සදහාම වූ ඔන්ලයින් සේවා රාශියක් වර්තමානයේ දක්නට ඇත.

ක්‍රිප්ටෝකරන්සි මයිනිං

යම් පරිගණකයක් ක්‍රිප්ටෝකරන්සි ජාලයකට සම්බන්ධකර ක්‍රිප්ටෝකරන්සි කලයන්ට් වැඩසටහන උපකාර කරගෙන ක්‍රිප්ටෝකරන්සි නිපදවා ගැනීම ක්‍රිප්ටෝකරන්සි මයිනිං නම් වේ. ඒ සදහා යොදවනු ලබන පරිගණකය මයිනර්ස් ලෙස හදුන්වයි. මෙම සෑම ක්‍රිප්ටෝකරන්සි මුදල් ඒකකයකම උපරිම මුදල් ගණනක් තිබේ.බිට්කොයින් ප්‍රොටෝකෝලය අනුව තිබිය යුත්තේ උපරිම වශයෙන් බිට්කොයින් බ්ලොක් මිලියන 21කි. මෙවැනි මයිනර් එකක් ක්‍රිප්ටෝකරන්සි ජාලයකට සම්බන්ද කල විට එම පරිගණකය වෙත විශේෂිත ගැටලුවක් හා එය විසදිය හැකි උපදෙස් මාලාවක් එනම් ඇල්ගිරිතමයක් නිකුත් කෙරේ එවිට පරිගණකයේ ප්‍රොසේසර් ධාරිතව යොදවීම මගින් ඇල්ගොරිතමය විසදනු ලැබේ.මෙසේ විසදනු ලබන ගැටලු ගැන තොරතුරු සහිත දත්ත සමුදායක එනම් ඩේටාබේස් එකක් පරිගණකය තුළ සෑදේ. එය මයිනර් පරිගණකයට කිසිදු අවශ්‍යතාවක් නොමැති තොරතුරු වර්ගයකි.එනම් පූරක  හෙවත් හෑශ් එකකි. මෙලෙස පරිගණක සම්පත් යොදාගෙන හැෂ් මතකය බිට්කොයින් ජාලයට වර්තාකරනු ලැබේ.එනම් එමගින් ඉපැයු බිට්කොයින් මුදල පිළිබඳ සටහනක් හෙවත් ලෙජරයක් නිර්මාණය වේ. සාමන්‍යෙන් බැංකු ගනුදෙනු කරුවන්ගේ විස්තර සහිත ලෙජරය රහස්‍ය එකක් උවද ක්‍රිප්ටෝකරන්සි ලෙජරය ප්‍රසිද්ධ එකකි. එය බ්ලොක්චේන් ලෙස හදුන්වනු ලැබේ. එනම් බ්ලොක්චේන් යනු ක්‍රිප්ටෝකරන්සි මුදල් ඒකක ක්‍රයාත්මක වන ආකාරයයි.

ක්‍රිප්ටෝකරන්සි බ්ලොක් හා ගනුදෙනු

 ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් හුවමාරු කරන්නේත් බ්ලොක් වශයෙන් හදුන්වනු ලබන විශේෂ එකකයයි. මෙම බ්ලොක් එකක් තුළ එය අයිතිකරු හදුනා ගැනීමේ ඩිජිටල් සටහනක් තිබේ.එසේම මෙම හැෂ් තොරතුරු සමූහය නියම ක්‍රිප්ටෝකරන්සි මුදල් වශයෙන් ක්‍රිප්ටෝකරන්සි ජාලය විසින් පිළිගත් බව  කියවෙන සටහනක්ද තිබේ. මෙම ක්‍රිප්ටෝකරන්සි නිපදවාගත්දා පටන් හුවමාරු කළ තැන් දැක්වෙන ඉතිහාස සටහනක්ද තිබේ  එනම් බ්ලොක් එකක් යනු ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් උපන්දා සිට තොරතුරු එහි නියමානුකූල බව තහවුරු කරගත් තොරතුරු ගොන්නකි.මෙයද විශේෂිත ඇල්ගොරිතමයකි. එය ක්‍රිප්ටෝකරන්සි එකකයෙන් ඒකකයට වෙනස් වේ.හුවමාරු කළ හැකි ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් යනු මෙයයි. මෙලෙස හුවමාරු කල හැකි ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් සමග එය හදුන්වන පෞද්ගලික රහස්‍ය ලිපිනයක් තිබේ.ප්‍රයිවට් කී එකක් ලෙස හදුන්වන මෙය ක්‍රිප්ටෝකරන්සි ඒකකයේ අයිතිකරු පමණක් දනී.ක්‍රිප්ටෝකරන්සි ඒකක හුවමාරු කිරීම සදහා මෙය දැන සිටීම අනිවාර්ය වේ. ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් හුවමාරු කරගැනීමට බ්ලොක්චේන් වොලට් එකක් ලෙස හදුන්වනු ලබන ක්ලයන්ට් වැඩසටහනක් යොදා ගත යුතුයි. සාමාන්‍යයෙන් බ්ලොක්චේන් වොලට් වැඩසටහනක ඉන්ටර්ෆේස් එක මොබයිල් ඇප් එකක් මෙනි.මෙමගින් ඉතා පහසුවෙන් තමන්ගේ ක්‍රිප්ටෝකරන්සි වෙනත් ගිණුම් හා හුවමාරු කරගත හැක. එනම් මෙහි පෙන්වනු ලබන්නේ ක්‍රිප්ටෝකරන්සි ගිණුම් වාර්තාවයි.

 යම් බ්ලොක්චේන්වොලට්  එකකට ක්‍රිප්ටෝකරන්සි එක්කරගත හැකි  ක්‍රම තුනකි. එනම් පෙර කියු   පරිදි ක්‍රිප්ටෝකරන්සි   මයිනිං කර  කොයින්   එකතුකර ගත හැකිය.   එමෙන්ම තවත් කෙනෙකු   සතු  ක්‍රිප්ටෝකරන්සි භාණ්ඩ හෝ සේවාවකට හුවමාරු කරගැනීම වැනි  ක්‍රමයක් මගින් කොයින් එකතුකරගැනීම දෙවන ක්‍රමයයි. තුන්වෙනි  ක්‍රමය වන්නේ එදිනෙද භාවිතා කරනු ලබන  මුදල් ගෙවා තමන්ගේ  වොලට් එකට කොයින් මිලදී ගැනීමයි. එමෙන්ම දැනට භාවිතා කරනු  ලබන මුදල් ක්‍රිප්ටෝකරන්සි බවට හරවා ගත හැකි ATM යන්ත්‍රද තිබේ. තමාගේ ATM කාඩ්පත ඇතුළු කර ක්‍රිප්ටෝකරන්සි මුදල් ඔබට ලබා ගත හැක.

ක්‍රිප්ටෝකරන්සි එසැල්වොදෝරය හා කියුබාව හැර අන් කිසිදු රටක් නිල වශයෙන් පිළිනොගත්තද ඒවා නීති විරෝධී නැත. ක්‍රිප්ටෝකරන්සි වෙළදාම් කළ හැකි සේවාද බොහෝමයක් ඇත. 2016 දී බ්ලොක්චේන් වොලට් මිලියන් 10ක් පමණ ලියාපදිංචි වී තිබුණද මේ වසර මැද භාගය වන විට මිලියන 70 ක් පමණ ලියාපදිංචී වී තිබේ. එනම් මෙම වසර පහක කාලයක් තුළ 10% කින් පමණ මෙය ඉහළ ගස් ඇත.වර්තාවන පරිදි සෑම තත්පරයකදීම ක්‍රිප්ටෝකරන්සි ගනුදෙනු තුනක් පමණ සිදුවේ.
















No comments:

Post a Comment