ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය පසුගිය සැප්තැම්බර් 03 වැනිදා මහජනයාට නිකුත් කළේය. මීට කලින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති නිකුත් කරන විට ඒවා නම් කළේ, විවිධ අතුරුපසවල ඉංග්‍රීසි නම් වලිනි. ඒද ඉංග්‍රීසි හෝඩියේ අකාරාදියට අනුවය.මීට කලින් තිබූ ඇඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නව වැනි සංස්කරණය, Android 9.0 Pie ලෙස නම් කොට තිබුණේ ඒ අනුව යමිනි. මෙහි Pie යනු පිටිවලින් තනා පළතුරු ඇතුළු කර වසා උදුනකදී පුළුස්සා ගනු ලබන කවාකාර හැඩැති අතුරුපස වර්ගයකි
එහෙත් මෙම නාමකරණ ක්‍රමය අත්හරිමින් මෙවර නිකුත් කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ දස වැනි සංස්කරණය, ඇන්ඩ්‍රොයිඩ් 10 වශයෙන් නම් කරතිබේ. ඒ සමගම මෙතෙක් තිබඇන්ඩ්‍රොයිඩ් වෙළඳ ලාංඡනයදවෙනස් කොට තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය ස්මාට්ෆෝන්වල දී මෙන්ම ටැබ්ලට් පරිගණකවලදීත් එක සේ ක්‍රියාත්මක කළ හැකි බව දනිමු.
ඇන්ඩ්‍රොයිඩ් නවාංග
නව මුහුණුවරකින් යුක්තව ඉදිරිපත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් 10 මෙහෙයුම් පද්ධතිය සකසා තිබෙන්නේ Android 9.0 Pie සංස්කරණයට නවාංග රැසක් එක්ප කරලීමෙනි. එම නවාංග පිළිබඳධ විස්තර මෙසේය.
ගෙස්චර් නැවිගේෂන් (Gesture Navigation)
ප්‍රොජෙක්ට් මේන් ලයින්(Project Mainline) හා ෆෝකස් මොඩ්(Focus Mode)
පර්මිෂන්ස් ඇන්ඩ් ප්‍රිවසි (Permission and Privacy )
ඩාර්ක් තීම්(Dark Theme) හා ෆැමිලි ලිංක්(Family Link)
ස්මාට් රිප්ලයි(Sර්mart Reply),සවුන්ඩ් ඇම්ප්ලිෆයර්(Sound Amplifier) හා ලයුව් කැප්ෂන්(Live Caption)
ඇන්ඩ්‍රොයිඩ් 10 ඉන්ස්ටෝල් කරගැනීම
ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණ



No comments:
Post a Comment