අයිෆෝන් 11 ඩිස්ප්ලේ තිරය ඇගිලි සලකුනු සටහන් නොරදන විශේෂ රසායන ද්‍රව්‍ය ආලේපයකින් (oleophobic coating) යුක්තය.එසේම එය එදිනෙදා භාවිතයදි මුහුණදිය හැකි දැඩි කම්පනවලට ඔරොත්තු දෙන සේ විශේෂයෙන් සවි ගැන්වූ එකකි.
අයිෆෝන් 11 තිරය කලින් ආ අයිෆෝන් XR හි තිරය මෙනි.එනම් එය අගල් 6.1 එල් සී ඩී (LCD) හා 19 : 5.9 දිග පළල අනුපාතය ඇති එකකි.එහත් අයිෆෝන් ප්‍රෝ හා ප්‍රෝ මැක්ස් තිරය අගල් 5.8 ඕ එල් සී ඩි(OLED) තිරයකි එයද 19 : 5.9 දිග × පළල අනුපාතයෙන් යුක්ත උවත් පික්සල් ධාරිතාව 2436 × 1125 (455ppi) ය. එනිසා රූප පැහැදිලිය දීප්තිමත් වේ.
අයිෆෝන් 11 හි විභේදන අනුපාතය 1400 : 1 වුවත් අයිෆෝන් ප්‍රෝ හී විභේදන අනුපාතය 2 000 000 : 1 කි.එනම් එහි රූප ඉතා පැහැදිලිය.අනෙක් අතට ස්පර්ශ තිරයෙන් දෙන විධාන හදුනා ගැනීමේ හැකියාව ඉතා ඉහළය. එය කලින්ට වඩා 30% වැඩිය.එමෙන්ම මුහුණ හදුනාගැනීමේ පහසුකමද (Face ID)මේ නිසා ඉතා සූක්ෂම වී තිබේ.
අයිෆෝන් එක්ස් ආර් හා අයිෆෝන් 11 මාදිලි දෙකටම වඩා අයිෆෝන් 11 ප්‍රෝ හි නැවත ප්‍රකෘතිමත් වීමේ වේගය (refresh rate) 90/120 HZ තරම් ඉහළ ය.එනිසා තිරය හරහා එක් විධානයක් ලබාගෙන තවත් එකක් ලබා ගැනීමට ගතවන කාලය ඉතාම අඩු වී ගොසිනි.එහි ප්‍රථිපළය ඩිස්ප්ලේ තිරය වේගයෙන් ප්‍රතිචාර දක්වන්නාක් සේ භාවිතා කරන්නට හැගීයාමයි



No comments:
Post a Comment