අලුත්ම අයිෆෝන් මාදිලිය අයිෆෝන් 11ය.පසුගිය සැප්තැම්බර් මස 10 වනදා එය එළිදක්වනු ලැබුවේය.ඒ ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් විසින් ඇමරිකාවේ කුපර්ටිනෝ නුවර ඇපල් පාක් හී පිහිටි ස්ටිව් ජොබ්ස් තියටර් ශාලාවේදය.
ඇපල් 11 ස්මාට්ෆෝනය වර්ණ හයකින් යුතු මාදිලි වශයෙන් එළි දක්වා තිබේ.දම්,කොළ,කහ,කළු,සුදු හා රතු යන වර්ණ වලිනි.මේවා මාදිලි තුනකින් එළි දක්වා තිබේ.එනම් අයිෆෝන් 11,අයිෆෝන් 11 ප්‍රෝ( iPhone Pro) හා අයිෆෝන් 11 ප්‍රෝ මැක්ස්( iPhine Pro Max) ය.
මින් අයිෆොන් 11 යනු මීට කලින් ආ මාදිලිය වන අයිෆෝන් එක්ස්ආර් (iPhone XR) හි අලුත් සංස්කරණයයි.එනම් පොදුවේ කාටත් භාවිතා කළ හැකි නවතම අයිෆෝයයි.අයිෆෝන් ප්‍රෝ යනු සාමාන්‍ය අයිෆෝනයේ ඇතිවාට වඩා වැඩි විශේෂාංග ඇති අයිෆෝනයයි.
අයිෆෝන් ප්‍රෝ මැක්ස් යනු අයිෆෝන් ප්‍රෝ හි ඇති ගුණාංගයම ඇති නමුත් ස්මාට්ෆෝනයකට වඩා විශාල ,අයි පෑඩයකට වඩා කුඩා එනම් ෆැබ්ලට් (phablet) ෆෝනයකි.මෙම අයිෆෝන් 11 මාදිලි සියල්ලේදීම ක්‍රියාත්මක වන්නේ මේ සමාගම නිකුත් කළ iOS 13 අලුත් මෙහෙයුම් පද්ධතියයි.
අලුත් අයි ෆෝනය කලින් තිබු අයිෆෝන් සංස්කරණයෙන් වෙනස් වෙන්නේ ගුණාංග තුනක් දියුණු කිරීම නිසාය.දෘඪාංග හෙවත් හාඩ්වෙයා,තිරය හෙවත් ඩිස්ප්ලේ හා කැමරාව යනු ඒවාය.



No comments:
Post a Comment