ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණ
ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය ,ලිනක්ස් කර්නලය භෙවත් ප්‍රධාන කේත සටහන පාදක කොට ගෙන නිර්මාණය කළ එකකි.එක්ස් එම් එල්(XML), iS(C), ජාවා(Java) සහ C++ යන ක්‍රමලේක භාෂා ඇසුරෙන් ඇන්ඩ්‍රොයිඩ් ගති ලක්ෂණ නිමවා තිබේ.
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙය්මු පද්ධතියේ කේත පේළි එක් කෝටි විසි ලක්ෂයක් පමණ තිබේ. එහි XML කේත් පේළි 30 ලක්ෂයක්,C කේත පේළි 28 ලක්ෂයක,Java කේත පේළි 21 ලක්ෂයක,C++ කේත පේළි ලක්ෂ 17.5 කි.මේ සියල්ලෙන්ම සැදි ඇන්ඩ්‍රොයිඩ් ප්‍රධාන කේත පද්ධතිය හෙවත් කර්නලය ඇන්ඩ්‍රොයිඩ් ඕපන්සෝස් ප්‍රොජෙක්ට් (AOSP - Android Open Source Project ) ලෙස (source.android.com) හදුන්වයි.මේසමග ගූගල් සමාගම විසින් දියුණු කරන ලද, එම සමාගමට අයත් තවත් කේත සටහනක්ද (GMS - Google Mobile Service) එක් කොට දන් තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිමවා තිබේ.
මේ සියල්ල සමගින් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදිය හැක්කේ ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක් ලෙසය.එනම් එය කාටත් නොමිලේ ගෙන,තමන්ට ඕනෑ හැටියට වෙනස් කොට ගෙන භාවිතා කළ හැක්කකි.එහෙත් එය දරදඬු පිළිවෙලකට කර්න්නට බැරිය.නීති රීති රාමුවකට යටත්ව කළයුත්තකි.එනම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට නියාමකයෙක් සිටි.ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නියාමකයා,ඇන්ඩ්‍රොයිඩ් උපාංග තනන තාක්ෂණික සමාගම් 84 දායකත්වයෙන් ක්‍රියාත්මක වෙන ඕපන් හැන්න්ඩ් සෙට් එලායන්ස්(openhandsetalliance.com) නම් ආයතනයකි.



No comments:
Post a Comment