Full width home advertisement

Travel the world

Climb the mountains

Post Page Advertisement [Top]



ඇන්ඩ්‍රොයිඩ් 10 ඉන්ස්ටෝල් කරගැනීම

ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණය ආරක්ෂාකාරිව ඉන්ස්ටෝල් කර ගනු පිණිස එහි යාවත්කාලීන කිරීමේ දැන්වීම් හෙවත් අප්ඩේට් නොටිෆිකේශන් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ලැබෙනතෙක් සිටිය යුතුය.

මූලික වටයේදි ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයේ අප්ඩේට් එක ලැබෙන්නේ ගුගල් නෙක්සස්(Google Nexus) සහ පික්සල් (Google Pixel) දුරකතනවලට ය.ඊට හෙතුව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මුලික ලක්ෂණ පමණක් එම දුරකතනවල තිබීමය.සැම්සුන්(Samsung), එච්ටීසී(HTC),හුවාවි(Huawei),සෝනි(Sony)වැනි ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණයේ අප්ඩේට් එක ලැබෙන්නේ ඉන් අනතුරුව දෙවනි වටයේදිය.ඒවායේත් අලුත් මාදිලි සදහා ඉක්මනින් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එක ලැබෙයි.පැරණින් දුරකතන සදහා අප්ඩේට් එක ලැබෙන්නේ ඉන් අනතුරුවය.එම දුරකතන මාදිලි නිශ්පාදකයින් විසින් අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔවුන්ගේ දුරකතන මාදිලි වලට ගැලපෙන සේ සංවර්ධනය කර ගත  යුතු බැවිනි.මෙසේ තම දුරකතන මාදිලියට ඇන්ඩ්‍රොයිඩ් 10 සංස්කරණය නිකුත්කොට ඇත්නම් ද,එය ඉබේම අප්ඩේට් නොවුනේනම්ද ,ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ System -> Advanced -> System -> Update  යන්න ඔස්සෙ ගොස් එය අප්ඩේට් කරගත හැක.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]